ශ්‍රී ලංකා අමරපුර

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

ආරම්භය → බු.ව. 2353 ව්‍ය.ව. 1810

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ උගත්, ධර්මධර, විනයධර සංඝයා වහන්සේලා රාශියක් සාසනයට දායාද කළ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ වෙබ් අඩවිය…

ශ්‍රී කල්‍යාණිවංශ නිකායික පරමාර්ථ:

  1. ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය යන නාමයෙන් ලක්දිව ව්‍යාප්තව පවත්නා භික්ෂු සංස්ථාවේ පාලනය පෝෂණය හා නිකායිකයන්ගේ විනයානුකූල භික්ෂු ජීවිතය ආරක්ෂා කිරීම.
  2. ධර්ම විනය සහිත ශබ්ද ශාස්ත්‍රයන්ගේ අධ්‍යාපනය සඳහා විද්‍යාස්ථානයන් පිහිටුවීම.
  3. කාලෝචිත ධර්මශාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රචාරයට අනුබල දීම.
  4. ස්වදේශ විදේශයන්හී ධර්ම ප්‍රචාරය යනාදී ශාසනික දියුණුව උදෙසා ක්‍රියා කිරීම.

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ප්‍රතිෂ්ඨාපක, මහා මහෝපාද්ධ්‍යාය, බෝධිසත්ව ගුණෝපේත, අතිගෞරවාර්හ

කතළුවේ ගුණරතනතිස්ස මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායෙහි ආදි පුරුෂෝත්තම ශ්‍රී කල්‍යාණිවංශ ගණපාමොක්ඛාචරිය භදන්ත ශ්‍රී බෝධිසත්ව ගුණෝපේත මහා මහෝපාද්ධ්‍යාය කතළුවේ ශ්‍රී ගුණරතනතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරිසිදු වූත්, නිකැළැල් වූත් උපසම්පදාව ලබාගනු පිණිස තිබූ බලවත් කැමැත්ත මුල්කරගෙන මහත් කරදර පීඩාවන්ගෙන් යුතු වූ ගමනකින් පසු බුරුම දේශයට සම්ප්‍රාප්තව, හංසවතී නුවර කල්‍යාණි සීමාවේ දී පිරිසිදු උපසම්පදාව ලැබ වර්ෂ 1810 ජූනි මස දී ලක්දිවට වැඩම කොට දොඩන්දූව ශෛලබිම්බාරාමයේ දී ශ්‍රී කල්‍යාණිවංශ නිකාය පිහිටුවා වදාළහ.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ මහානායක, කල්‍යාණිවංසපාල ගණාචරිය, සිරිනිවාස වංශාලංකාර, ආචාර්ය අතිපූජ්‍ය

දෙවිනුවර සිරිසුනන්ද මහානායක ස්වාමීන් වහන්සේ

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ 21 වන මහානායක ධූරයට මෙරට දැනට මහානායක ධූරයක් දරන වෘධ භාවයෙන් ඉහල නායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති, ශ්‍රී සරණපාල වංශාවතංසලංකාර වාගීස්වර, ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබුහ.

Amarapura nikaya uththarithara mahanayaka dodampahala chandasiri thero

මහා විහාර වංශාලංකාර ශාසනවිභූෂණ අමරපුර ගණපාමොක්ඛාචරිය, කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී, වංගීසවංසාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය, මහාමහෝපාධ්‍යාය, අග්ගමහා පණ්ඩිත

අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධූරන්දර,

දොඩම්පහල චන්දසිරි උත්තරීතර මහානායක මහා ස්ථවිර

වත්මන් ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක තෙරුන් වහන්සේ ඓතිහාසික රැහුණු පුරවරයේ, මාතර දිස්ත්‍රික්කයේ, දොඩම්පහල නමැති රමණිය ග්‍රාමප්‍රවරයේදී වර්ෂ 1939 දෙසැම්බර්‌ මස 20 දින උපත ලැබ, වර්ෂ 1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලුකාරාමයේ දී උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්‌ වී, වරෂ 1962 ජුනි මස 17 වෙනි දින මාතර නිල්වලා නදී සීමා මාලකයේ දී සුපරිශුද්ධෝපසම්පදාවට ඇතුළත් විය. වර්ෂ 1996 මාර්තු 31 දින ශ්‍රී කල්‍යාණිවංශික සංඝ සභාව විසින්‌ ඒකමතිකව නිකායේ මහානායක ධූරයට තෝරා පත්කර ගන්නා ලදහ. නිකායාභිවෘධියත්, ලෝක ශාසනික සේවාවත් වෙනුවෙන් කැපවුණු තපෝවෘධ උන්වහන්සේ මුළු මහත් සංඝ සමාජයට ම ආදර්ශයකි.

NEWS AND EVENTS

නිකායික පුවත් සහ සිදුවීම්

පුවත්

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
16Jun

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ
29May

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති සරණපාල වංශාලංකාර වාගීශ්වර ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබූ වගයි.

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති
21May

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

අපගේ බලවත් සංවේගය යි!
16May

අපගේ බලවත් සංවේගය යි!

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ දෙසිය දසවන උපසම්පදා උත්සවය
26Feb

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ දෙසිය දසවන උපසම්පදා උත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය දසවන උපසම්පදා උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගිංතොට ශ්‍රී ථූපාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු අමරප්‍රසාද නම් වූ බද්ධ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2565 ක් වූ ව්‍යවහාර වර්ෂ 2022 ක් වූ පෙබරවාරි මස 26 වනදින සිදු කරන්නට යෙදුණි.

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය
14Jan

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2022 ජනවාරි 14 දින ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

OUR HISTORY

ශ්‍රී කල්‍යාණිවංශ ඉතිහාසය

ඉතිහාසය

Shailabimbarama Pilima wahanse

වර්ෂ 1810 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පරම පූජනීය කතළුවේ ශ්‍රී ගුණරතනතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදී කර්තෘත්වයෙන් අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ආරම්භ විය.

දීර්ඝ ඉතිහාසයක් ඇති අප නිකායේ වැඩ සිටි මහතෙරුන් වහන්සේලාගෙන් එදා මෙදාතුර සිදු වී ඇති ජාතික, ආගමික, සමාජික, සංස්කෘතික සේවාව මෙතෙකැ යි සීමා කළ නොහැකි ය. ධර්මශාස්ත්‍රොන්නතිය උදෙසා අප නිකායෙන් සිදුව ඇති මෙහෙය ද සුවිශාල ය. සිංහල, පාලි, සංස්කෘත ග්‍රන්ථ ශෝධනය කෙරෙමින්, නව ශ්‍රන්ථ සම්පාදනය කෙරෙමින්, ඒ අතීත මහතෙරුන් වහන්සේලා කළ ධර්ම ශ්‍රාස්ත්‍රීය සේවාව අනිර්වචනීය ය.

දෙලොව හිත පිණිස, ගෞතම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු සිදුකෙරුණු අප ශ්‍රී කල්‍යාණිවංශික අතීතය පිළිබඳ තවත් තොරතුරු දැනගන්න…!

ASSORTED INFORMATION

නිකායේ විවිධ තොරතුරු

තොරතුරු

නිකාය මූලස්ථානය

දොඩන්දූව ශෛලබිම්බාරාම මූල මහා විහාරය ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ආරම්භ වූ, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මූලස්ථානය යි.

පරිපාලන මූලස්ථානය

මහානායක හිමිවරුන්

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මූලාරම්භක මහා තෙරුන් වහන්සේගේ පටන් අද දක්වාම වැඩ සිටින, වැඩ සිටි මහානායක තෙරුන් වහන්සේලාගේ තොරතුරු එකතුව

පරිපාලන ව්‍යුහය

නිකායේ පරිපාලන කටයුතු සිදුකෙරෙන නායක මහතෙරුන් වහන්සේලා, සංඝ සභා ආදී තොරතුරු

කීර්තිමත් භික්ෂූන් වහන්සේලා

ශ්‍රී සම්බුද්ධ ශාසන උන්නතිය පිණිස අනිර්වචනීය මෙහෙවර සිදුකළ නිකායික මහ තෙරුන් වහන්සේලාගේ තොරතුරු බිඳක්

විහාරාරාම හා ඓතිහාසික ස්ථාන

නිකායට අයත් වන ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන සහ විහාරාරාම පිළිබඳ තොරතුරු එකතුව

පින්කම්

පැවිදි උපසම්පදා පුණ්‍යෝත්සව ඇතුළු නිකාය විසින් සිදුකරනු ලබන පුණ්‍ය කර්ම පිළිබඳව

ග්‍රන්ථ හා ලේඛන

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ තෙරුන් වහන්සේලා විසින් සම්පාදිත ග්‍රන්ථ පිළිබඳ විස්තර සහ වෙනත් ලේඛන

PHOTO GALLERY

ඡායාරූප එකතුව

සේයා රූ