සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

– amarapura sri kalyaniwansha nikaya  |  since 1810 –

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර මහනාහිමියන් පිදුම් ලැබූ වගයි.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ 21 වන මහානායක ධූරයට මෙරට දැනට මහානායක ධූරයක් දරන වෘධ භාවයෙන් ඉහල එහෙත් අතිශයින් ම නිරෝගී නායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති සරණපාල වංශාලංකාර වාගීශ්වර ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබුහ. මෙම පත්වීම කරනු ලැබ තිබුණේ ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ කාරක සංඝ සභාව නිකායේ මුලස්ථානය වන දොඩන්දූව ශෛලබිම්බාරාම මහා විහාරයේදී 2023.05.28 දින රැස් වී ගත් ඒකමතික තීරණයට අනුව යි. 2019 ජූනි 8 දින සිට බලගැන්වෙන අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ සංශෝධිත ව්‍යවස්තා මාලාව ප්‍රකාර මෙකී නිකායෙහි කාරක සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාර මෙම පත්කිරීම සිදුකර තිබෙන බව ද දන්වා සිටිමු.

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ ශ්‍රීමත් මහානායක ධූරය සඳහා වූ ශ්‍රී සන්නස් පත්‍රය අතිපූජනීය දෙවිනුවර සිරිසුනන්ද මහනාහිමියන් වහන්සේට පිරිනමන ලද්දේ ජාතික පිච්චමල් පුජාවේ නිර්මාතෘ, ශ්‍රී කළ්‍යාණිවංශ නිකායේ අනුනායක ධූරන්දර අතිපුජනීය කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ යි. ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරය සඳහා වූ විජිනි පත පිරිගැන්වීම සිදු කරන ලද්දේ දොඩන්දූව සිරි සුනන්දාරාමාධිපති, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක ධුරන්දර හික්කඩුවේ තිලක ස්වාමින් වහන්සේ විසිනි.

ශ්‍රී ලංකා වාසීව සිටි පැවිදි උතුමන් වහන්සේලා අතුරින් බිහි වූ වයසින් බෙහෙවින් ම වෘධභාවයට පත්වී සිටියා වූ මහා යතිවරයාණන් වහන්සේලා අතරට එක් වෙමින් දැනට 101 වන වියේ පසුවන දෙවිනුවර නායක මාහිමිපාණන් වහන්සේගේ නාමය මෙරට බෞද්ධ සාසනික ඉතිහාසයට මෙසේ එක් විය.

මේ සම්බන්ධයෙන් වන රාජ්‍ය උත්සවය ඉදිරි දිනක දී සිදු කරනු ලබයි.

 

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

You may also like

Events

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.

Read More »
Events

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති සරණපාල වංශාලංකාර වාගීශ්වර ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබූ වගයි.

Read More »
Events

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More »
News

අපගේ බලවත් සංවේගය යි!

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.

Read More »
2022-02-26 උපසම්පදා උත්සවය
Events

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ දෙසිය දසවන උපසම්පදා උත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය දසවන උපසම්පදා උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගිංතොට ශ්‍රී ථූපාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු අමරප්‍රසාද නම් වූ බද්ධ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2565 ක් වූ ව්‍යවහාර වර්ෂ 2022 ක් වූ පෙබරවාරි මස 26 වනදින සිදු කරන්නට යෙදුණි.

Read More »
Events

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2022 ජනවාරි 14 දින ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

Read More »

Most popular