සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

– amarapura sri kalyaniwansha nikaya  |  since 1810 –

අද 210 වන ශ්‍රී කල්‍යාණිවංශ නිකාය සංවත්සරය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ආරම්භයේ සිටම ඉතා සිල්වත්, ගුණවත්, වියත්, සුපේශල, ශික්‍ෂාකාමී, ධර්ම විනයධර, සංඝ පීතෘන් වහන්සේලාගෙන් ප්‍රභාමත් වූ, ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථායිභාවය උදෙසා උත්තුංග මෙහෙවරක් සිදු කළ නිකායක් ලෙස අප නිකාය හැඳින්විය හැකිය. බෝධිසත්ව ගුණෝපලක්‍ෂිත, බ්‍රහ්ම ශ්‍රී පූජ්‍ය කතළුවේ ගුණරතනතිස්සාභිධාන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1810 දී ආරම්භ කළ ශ්‍රී කල්‍යාණිවංශ නිකාය අද වන විට සුවිශාල ශාසනික සේවාවක් සිදුකළ, සිදුකරන කීර්තිමත් නිකායක් බවට පත්ව තිබීම අප නිකායික මෙන්ම අන්‍ය නිකායී සියලු දෙනා වහන්සේට ම සතුටු විය හැකි කරුණකි.

කතළුවේ ගුණරතනතිස්ස මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිට වැඩ සිටි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් නිකායාභිවෘද්ධිය සඳහා සිදු වූ සේවය සුළුපටු නොවේ.

මෑත ඉතිහාසය පිළිබඳව අප අවධානය යොමු කරණ විට කාලානුරූපීව ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කළ ස්වාමිපාදයාණන් වහන්සේලා බොහෝ වෙති. ඒ අතර අප තපෝවන සම්ප්‍රදාය ඇති කොට වදාළ, පරමපූජනීය කම්මට්ඨානාචරිය, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අධිකරණ සංඝනායක කුඩාවැල්ලේ වංගීස ස්වාමිපාදයාණන් වහන්සේ කෘතවේදී ව සිහි කරමු. එසේම අප නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදිව මෙරටට සැදැහැ වඩන බෝධිපූජා ක්‍රමය හඳුන්වාදුන් පානදුරේ අරියධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෝවැසි බොදුනු කිතුණු නන් ඈ ආගමිකයන්ගේ ද හදවත් සැනසූහ.

දේශීය වශයෙන්, විදේශීය වශයෙන්, ශ්‍රී කල්‍යාණිවංශ නිකායික සමස්ත භික්ෂු සංඝයාගෙන් සිදුවන සේවය අත්‍යුදාරය. ඇමරිකාව, සිංගප්පූරුව, කොරියාව ආදි විවිධ රටවල සම්භාවනාවට පාත්‍ර වෙමින් සුවිශාල ආගමික සේවාවක නිරත වන අප නිකායික සියලු ස්වාමිපාදයන් වහන්සේලා මෙහි දී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

වසර දෙසීය දහයක අනිර්වචනීය පරමොත්කෘෂ්ට ශාසනික සේවාවක නිරතව සිට අපවත් වී වදාළ අප නිකායේ අතිගෞරවනීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් නිර්වානාවබෝධය වේවා! අද වැඩ සිටින අප නිකායික සියලු ස්වාමිපාදයන් වහන්සේලාටත් තෙරුවන්ගේ අපමණ ගුණානුභාව බලයෙන් චිරාත් කාලයක් ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය හා නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා!

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

You may also like

Events

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.

Read More »
Events

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති සරණපාල වංශාලංකාර වාගීශ්වර ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබූ වගයි.

Read More »
Events

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More »
News

අපගේ බලවත් සංවේගය යි!

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.

Read More »
2022-02-26 උපසම්පදා උත්සවය
Events

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ දෙසිය දසවන උපසම්පදා උත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය දසවන උපසම්පදා උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගිංතොට ශ්‍රී ථූපාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු අමරප්‍රසාද නම් වූ බද්ධ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2565 ක් වූ ව්‍යවහාර වර්ෂ 2022 ක් වූ පෙබරවාරි මස 26 වනදින සිදු කරන්නට යෙදුණි.

Read More »
Events

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2022 ජනවාරි 14 දින ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

Read More »

Most popular