1810 දී මහා මහෝපාද්ධ්යාය, බෝධිසත්ව ගුණෝපේත, අතිගෞරවාර්හ කතළුවේ ගුණරතනතිස්ස මහතෙරුන් වහන්සේ විසින් පිහිටුවා වදාළ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 210 වන සංවත්සරය යෙදී තිබෙන්නේ 2021 ජූනි 17 වන අද දින යි. එමෙන්ම අපගේ ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ වත්මන් මහානායක ධූරන්දර අග්ගමහාපණ්ඩිත අතිගෞරවාර්හ දොඩම්පහළ චන්දසිරි මහතෙරුන් වහන්සේ උපසම්පදා වී වස් 60 සපිරෙන පුණ්‍යවන්ත වූ දිනය ද වේ.
මේ උතුම් මංගල කරුණු මුල් කරගෙන අද දින අපගේ ගෞරවාන්විත මහානායක ස්වාමීන් වහන්සේගේ සහ ගෞරවනීය විධායක සංඝ සභාවේ තෙරුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ නිල වෙබ් අඩවිය අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේගේ සුරතින් විවෘත කරන ලදී.