
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර, වංගීසවංශාලංකාර, විපස්සනා කම්මට්ඨානාචරිය, අභිධජමහාරට්ඨගුරු අග්ගමහාපණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල (2023.05.16) අපවත්වූ බව ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දෙමි. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ.
මෙයට,
ධර්මශාසනෝන්නතිකාමී
උත්තරීතර මහානාහිමි පෞද්ගලික ලේකම්,
පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද ස්ථවිර