සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

– amarapura sri kalyaniwansha nikaya  |  since 1810 –

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර, මහා විහාර වංශාලංකාර ශාසනවිභූෂණ අමරපුර ගණපාමොක්ඛාචරිය, කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී, වංගීසවංසාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය, අභිධජමහාරට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, මහාමහෝපාධ්‍ය, අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදුකෙරුණා.

 

අද පස්වරු 1 දක්වා රාජගිරිය කලපළුවාව ශ්‍රී ගෝතම තපෝවන විහාරස්ථානයේ තැන්පත් කර තිබූ දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය එතැන් සිට පොලිස් පෙර ගමන් රථ පෙරටු කොටගෙන, ගුවනේ පුෂ්පෝපහාර මධ්‍යයේ විශේෂ පෙරහරකින් කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ශ්‍රී දේහය භාරගෙන විශේෂ පීඨිකාවේ තැන්පත් කරනු ලැබුවා.

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරන්දර ආණමඩුවේ ධම්මදස්සී අනුනාහිමියන් මූලාසනය ගත් මෙම ආදාහන පූජෝත්සවයට කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී සංඝ සභාවේ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ වැඩබලන මහානායක කරගොඩ උයන්ගොඩ ශ්‍රී මෛත්‍රීමූර්ති නාහිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්, ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්, කොළඹ නවකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරන්දර ආචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන්, කොළඹ 7 මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති අතිපූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන් ඇතුලු ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩම කළ අතර අන්‍යාගමික පූජක උතුමන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. එමෙන්ම මියන්මාර් රාජ්‍යයෙන්ද භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු කතානායක කරූ ජයසූරිය, අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන නියෝජිතයන්, මෙන්ම විදෙස් රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍යතාන්ත්‍රික දූතයන් මෙම ආදාහන පූජෝත්සවය වෙනුවෙන් සහභාගි වී සිටියා.

ජනාධිපතිවරයාගේ ශෝක ප්‍රකාශය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර අග්‍රාමාත්‍යවරයා ද ආදාහන උළෙල ඇමතූ අතර ස්තුති කතාව සිදුකළේ අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම් කේසරලාල් ගුණසේකර මහතා විසිනි.

දිවිමගේ 84 වන වර්ෂය සහ පැවිදි මගේ 73 වන වර්ෂය පූර්ණ කරමින් සිටියදී පසුගිය මැයි මස 16 වනදා පෙරවරුවේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ආසිරි රෝහලට ඇතුළත් කළ උන්වහන්සේ එහි ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින අපවත් වුණා.

ආචාර වෙඩිමුර 14 ක් පිරිනමා ජාතියේ ගෞරවය පුදකිරීමෙන් අනතුරුව අද පස්වරුවේ නාහිමි ශ්‍රී දේහය තැන්පත් කළ චිතකයට ගිනිදැල් ඇවිලුණේ දශක 7 කට අධික මහා ශාසනික මෙහෙවරක නියැලුණු යතිවරයාණන් වහන්සේ නමකගේ දිවි චාරිකාව නිමාවට පත් කරමිනි.

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර, අග්ගමහා පණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු, මහාමහෝපාධ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමිපාණන් වහන්ස, ඔබවහන්සේ අමාමහ නිවන් සුවයම අත් කරගනිත්වා!

Message on the passing away of most Venerable Dodampahala Chandrasiri Thero by The Dalai Lama
ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

You may also like

Events

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.

Read More »
Events

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති සරණපාල වංශාලංකාර වාගීශ්වර ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබූ වගයි.

Read More »
Events

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More »
News

අපගේ බලවත් සංවේගය යි!

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.

Read More »
2022-02-26 උපසම්පදා උත්සවය
Events

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ දෙසිය දසවන උපසම්පදා උත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය දසවන උපසම්පදා උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගිංතොට ශ්‍රී ථූපාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු අමරප්‍රසාද නම් වූ බද්ධ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2565 ක් වූ ව්‍යවහාර වර්ෂ 2022 ක් වූ පෙබරවාරි මස 26 වනදින සිදු කරන්නට යෙදුණි.

Read More »
Events

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2022 ජනවාරි 14 දින ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

Read More »

Most popular