SPECIAL EVENTS
පුණ්‍ය මහෝත්සවයන්
පින්කම්
අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.
අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය දසවන උපසම්පදා උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගිංතොට ශ්‍රී ථූපාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු අමරප්‍රසාද නම් වූ බද්ධ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2565 ක් වූ ව්‍යවහාර වර්ෂ 2022 ක් වූ පෙබරවාරි මස 26 වනදින සිදු කරන්නට යෙදුණි.
210 වන නිකාය සංවත්සරය සමරන අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ආරම්භයේ සිටම ඉතා සිල්වත්, ගුණවත්, වියත්, සුපේශල, ශික්ෂාකාමී, ධර්ම විනයධර, සංඝ පීතෘන් වහන්සේලාගෙන් ප්‍රභාමත් වූ, ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථායිභාවය උදෙසා උත්තුංග මෙහෙවරක් සිදු කළ නිකායකි.