සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

– amarapura sri kalyaniwansha nikaya  |  since 1810 –

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2022 ජනවාරි 14 දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

ජනාධිපතිතුමා මහ නාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර අගමැතිතුමා උන්වහන්සේට විජිනි පත පිළිගැන්වීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන, ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු (U Han Thu), අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති අජිත ද සොයිසා සහ නියෝජ්‍ය සභාපති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු නාහිමියන්ට පිරිකර පූජා කළහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර නිකායේ සංශෝධිත විහාරස්ථාන නාමාවලිය දායක සභාවේ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් නාහිමියන්ට පිළිගැන්විණි.

නිවුණු සැනසුණු සමාජයක්, පුරවැසියෙක්, බෞද්ධයෙක් දැකීමට මහ නාහිමිපාණන් වහන්සේ කළ දීර්ඝ කැප කිරීමට බෞද්ධ ලෝකයේ ම ආශීර්වාදයට පාත්‍ර වන බව උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් දේශදේශාන්තරවල වැඩම කරමින් උතුම් සම්බුද්ධ දේශනාව, ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ජනතාවගේ හිතසුව පිණිස දේශනා කළ බවත් උන්වහන්සේ මහනායක පදවියට පත්වන්නේ අමරපුර නිකායේ අනාගත යුග මෙහෙවරෙහි විශාල වගකීම් සම්භාරයක් වෙනුවෙන් බවත් රාජපක්ෂ මැතිතුමා පැවසීය.

2004 ඇති වූ සුනාමි ඛේදවාචකයෙන් හානි සිදු වූ විහාරස්ථානවල පුස්තකාල ගොඩනැඟීමට අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් ලබා දුන් සහාය ශාසනයේ පැවැත්මට කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ උන්නතියට හේතු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් සිහිපත් කළේය.

වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා ඒවා නැවත ගොඩනැඟීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ඒවා ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය මාර්ගෝපදේශ හා අවවාද අනුශාසනා දොඩම්පහළ නාහිමියන්ගෙන් නොඅඩු ව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනු ලැබී ය.

මහනායක, අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, නිකාය දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ සජීව විකාශය...

අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ සේයා රූ

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

You may also like

Events

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.

Read More »
Events

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති සරණපාල වංශාලංකාර වාගීශ්වර ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබූ වගයි.

Read More »
Events

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More »
News

අපගේ බලවත් සංවේගය යි!

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.

Read More »
2022-02-26 උපසම්පදා උත්සවය
Events

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ දෙසිය දසවන උපසම්පදා උත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය දසවන උපසම්පදා උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගිංතොට ශ්‍රී ථූපාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු අමරප්‍රසාද නම් වූ බද්ධ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2565 ක් වූ ව්‍යවහාර වර්ෂ 2022 ක් වූ පෙබරවාරි මස 26 වනදින සිදු කරන්නට යෙදුණි.

Read More »
Events

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2022 ජනවාරි 14 දින ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

Read More »

Most popular