අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

අපගේ බලවත් සංවේගය යි!

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේ

Amarapura sangha sabhawe uththarithara mahanayaka thero

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සිව්වන උත්තරීතර මහානායක ධූරය සඳහා අප ශ්‍රී කළ්‍යාණිවංශ නිකායේ පරම පූජනීය මහානායක ධූරන්දර දොඩම්පහල චන්දසිරි මාහිමිපාණන් වහන්සේ මහා සංඝරත්නය විසින් අද දින තෝරා පත් කරගන්නා ලදී.

අද 210 වන ශ්‍රී කල්‍යාණිවංශ නිකාය සංවත්සරය

210 වන නිකාය සංවත්සරය සමරන අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ආරම්භයේ සිටම ඉතා සිල්වත්, ගුණවත්, වියත්, සුපේශල, ශික්‍ෂාකාමී, ධර්ම විනයධර, සංඝ පීතෘන් වහන්සේලාගෙන් ප්‍රභාමත් වූ, ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථායිභාවය උදෙසා උත්තුංග මෙහෙවරක් සිදු කළ නිකායකි.

උපසම්පදාවෙන් වස් 60ක් සපිරෙන අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ

වර්ෂ 2021 ජූනි 17 වැනි දිනට උපසම්පදාවෙන් වස් හැටක් සපිරෙන, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බව, දීර්ඝායුශ වේවා! චිරාත් කාලයක් සසුනඹර බැබළවීමට වැඩ වසත්වා!