සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

– amarapura sri kalyaniwansha nikaya  |  since 1810 –

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම

1810 දී මහා මහෝපාද්ධ්‍යාය, බෝධිසත්ව ගුණෝපේත, අතිගෞරවාර්හ කතළුවේ ගුණරතනතිස්ස මහතෙරුන් වහන්සේ විසින් පිහිටුවා වදාළ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 210 වන සංවත්සරය යෙදී තිබෙන්නේ 2021 ජූනි 17 වන අද දින යි. එමෙන්ම අපගේ ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ වත්මන් මහානායක ධූරන්දර අග්ගමහාපණ්ඩිත අතිගෞරවාර්හ දොඩම්පහළ චන්දසිරි මහතෙරුන් වහන්සේ උපසම්පදා වී වස් 60 සපිරෙන පුණ්‍යවන්ත වූ දිනය ද වේ.

මේ උතුම් මංගල කරුණු මුල් කරගෙන අද දින අපගේ ගෞරවාන්විත මහානායක ස්වාමීන් වහන්සේගේ සහ ගෞරවනීය විධායක සංඝ සභාවේ තෙරුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ නිල වෙබ් අඩවිය අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේගේ සුරතින් විවෘත කරන ලදී.

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

You may also like

Events

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.

Read More »
Events

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති සරණපාල වංශාලංකාර වාගීශ්වර ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබූ වගයි.

Read More »
Events

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More »
News

අපගේ බලවත් සංවේගය යි!

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.

Read More »
2022-02-26 උපසම්පදා උත්සවය
Events

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ දෙසිය දසවන උපසම්පදා උත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය දසවන උපසම්පදා උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගිංතොට ශ්‍රී ථූපාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු අමරප්‍රසාද නම් වූ බද්ධ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2565 ක් වූ ව්‍යවහාර වර්ෂ 2022 ක් වූ පෙබරවාරි මස 26 වනදින සිදු කරන්නට යෙදුණි.

Read More »
Events

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2022 ජනවාරි 14 දින ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

Read More »

Most popular